අපගේ දැක්ම පිළිබඳව

තිරසාර සංවර්ධනයක් ඇති කිරීම තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලන විශිෂ්ඨතම රාජ්‍ය ආයතනය බවට පත්වීමයි.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම ,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම

දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එවකට උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් විය. 1999 වසරේ දී  එය ‍උඩ පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වෙන්ව ග්‍රාම නිලධාරි වසමි 33 කින් යුක්තව 1999.01.03 වන දින දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වශයෙන් ආරම්භ විය.

එවකට  දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උඩපලාත ප්‍රාදේශීය ලේකම්තුමා වු ආර්.එම්.ඩි.බි. මුගස්මුල්ල මහතා වැඩවැලු අතර. සහකාර ප්‍රාදේශීය ලේකම් වුයේ ඒ.එම්. අලහකෝන් මහතාය . එවකට කාර්ය මණ්ඩලය 07 දෙනෙකු ගෙන් සමන්විත විය.

මෙම කොට්ඨාශයට ග්‍රාම නිලධාරි වසම් 33 ක් අයත් වන අතර , ඒවා නමි

  • මුල්ගම
  • පිටවල
  • උඩුදෙනිය
  • පල්ලේදෙල්තොට
  • නවනිල්ලඔ
  • නිල්ලඔ
  • ගුරුකැලේ
  • නවගුරුකැලේ
  • තුම්පාලවක
  • මස්ගොල්ල
  • හුණුගල
  • තුන්දෙනිය
  • කහවත්ත
  • ගොනටුවෙල
  • ලැගුමිදෙනිය
  • පන්විලතැන්න
  • පඔදෙනිය
  • නාරංවිට
  • ගමිපොලවත්ත
  • අටුවේවත්ත
  • වැවතැන්න
  • ඉගුරුවත්ත
  • ඔරායන්වත්ත
  • දොළුව
  • ගොඩවෙල
  • මෙගොඩකළුගමුව
  • ගනේගොඩ
  • හල්ඔය
  • වාරියගල
  • ගල්ඔය
  • මිල්ලගහමුල
  • පුපුරැස්ස
  • රජතලාව

1999 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

අනු අංකය නම සිට දක්වා

01

ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල මයා (වැ.බ) 1999 2000
02 ගාමිණි දසනායක මයා 2000 2003
03 ඩී.ඩී.අනුර ධර්මදාස මයා 2003 2005
04 ඩී.එම්.එන්.ජී.ජී.ටී.කරුණාරත්න මයා 2005 2012
05 බී.එම්.පී.ජී.පී.වී. බණ්ඩාර මයා 2012 2015
06 ටී.ඒ.ඩී.ඩබ්. දයානන්ද මයා 2015  2020
07 ඩබ්.ජී.වයි.පී. දයාරත්න මිය 2020  

 

 

 

 

News & Events

11
සැප්2019
‘’දිරිය පියස’’ ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් විවෘත වු වගයි.

‘’දිරිය පියස’’ ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් විවෘත වු වගයි.

දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආවරණය වන පරිදි...

Scroll To Top